Saturday, March 17, 2012

පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ..........


තිනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පැල වියේ හීතල හ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඩට උණ පදුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උල ලේනෝ හඩා යන්න
මගේ තනිය ලට වරෙන් තුරුලුවෙලා නිදා ගන්න

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනෙ ඉරිමාවක
මගේ සතුට පෑල දොරෙන් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුම ඉහේ පිපි සුසුම් මල්යායක
හිතේ දුකට දෑස හඩයි කුලු හලා ගංගාවක

මෙම ගීතය සුනිල් එදිරිසිංහයන් ගායනා කළත් පද රචකයා කවුරුන්ද යන්න මම නොදනිමි. නමුත් ඔහුගේ පදමාලාවේ ඇති සරල බවේ විසිතුරුබව සියක් වාරයකට වඩා මා ඇසීමට පෙළඹ වීය.
සුනිල් එදිරිසිංහයන්ගේ අපූර්ව හඩින් ඔපමට්ටම් වූ පද මාලාව මසිත තුළ ඇති කළ ප්‍රහර්ශය මෙලෙස ලියා තබමි.
ගැමි ජීවිතය දුක්ගැහට වලින් පිරී ඇත. ගොවියා කය වෙහෙසවා දහඩිය වගුරුවා දවස පුරා වෙහෙසෙයි. ගතේ පීඩාවට හුදකලාවේ හා විරහවේ වේදනාව එක් වූ විට ඇති වන ඉච්ඡා භංගත්වය අතිශය ප්‍රබලය.
ුර ගලා ගෙන ඒ දවසේ මෙහෙය අවසන් වී නින්දට වැටෙන්නට වේලාව පැමිණ ඇත. කසා සලු ඇතිරූ සිරියහනක් නොමැති වුවත් පිල ගත සුවපත් කිරීමට ඕනවාටත් වඩා ප්‍රමාණවත් ය.

පිලේ පහන නිව්වා මං ගොම්මං අුරේ
තිනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

කථකයා නින්දට යන්නේ ගොම්මනේ ම ය. ගතේ වේදනාව නොව හිතේ වේදනාව එලෙස වේලසනින්ම නිදිපැදුර සොයා යන්නට කථකයාට අණ කරයි. පිලේ දිගා වී ඉදිරිය බැලූ විට කඩුල්ල පෙනේ. අදුර තවමත් තම ආධිපත්‍ය තහවුරු කරගෙන නැත. කෙමෙන් අදුර ගලයි. .අුර සංකේතවත් කරන්නේ අපේක්ෂා භංගත්වය යි; පරාජය යි. නිදි පැදුරට ගොස් පුරුදු පරිදි නම් තමාට උණුසුම දෙන්නට වෙනදා ඇරයුම් ලබන්නේ තම සොදුරියයි. දැන් ඒ ඇරයුමට කන් දීමට ඇය නොමැත. එම නිසා නිදිපැදුරට ඇරයුම් ලබන්නේ තනිකමයි. හද පෙලන තනිකම කීමට මෙම වචන කොතරම් සමත් ද?

පැල වියේ හීතල හ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඩට උණ පදුරේ වැනියන් මට බලා ඉන්න

හද මෝදුවෙමින් පවතී. සීතල සුළග ඇග දැවටෙයි. සීතල යනු ආශාව අවුලුවන්නකි. වෙනදා සීතලට තුරුලු වන්නට තම සොදුරිය ල සිටියා ය. එම නිසා සීතල වැඩි වන්නට වැඩි වන්නට එය සතුට ගෙන ආවේය. අද ඒ සීතලම කුරිරු වේදනාවක් ගෙන ඒ. මේ සීතල තනිවම දරා ගැනීමට නොහැකිය. සීතල තමා හැරගිය සොදුරියගේ උණුහුම පිළිබ මතකය අවදි කරයි. වෙනදා ස පෑයූ රාත්‍රියේ ඇය සිය ගතට තුරුළු වී හාත්පස චමත්කාරය රසවිදි ආකාරය කථකයා කදුලු අතරින් සිහිපත් කරයි. ඒ අනුව සැබවින්ම සීතල හ පැමිණ ඇත්තේ තනි රකින්නට නොව තනිකම තව තවත් මතක්කර දීමටයි.
අසලින් දොළ ගලා යයි. නිසල පරිසරයේ දොළ ගලන හඩට උණ පදුර සුළගට වැනෙමින් තවත් අපූරුවක් එක් කරයි. එදා මේ සුන්දර පරිසරය සොදුරිය සමග ගත කරන ආනන්දනීය රාත්‍රිය හැඩ කළේය. අදත් ඒ ආකාරයෙන්ම දොළ පහර ගලා යයි. උණ පදුර සුළගට නැළවෙයි. නමුත් ඔවුන් නොදන්නා කරුණ නම් එදා කථකයා ළග සතුට ගෙන දුන් සොදුරිය අද ඔහු හැර ගොස් ඇති බවයි. කථකයාගේ වේදනාව කොරම්ද යන්න ඔහු උණ පදුරට තමාට බලා සිටින්නට වැනියන් ලෙස කරන ආරාධනයෙන් පෙනේ.වෙනදා බලා සිටින්නට තම සොදුරියගේ හුරතලය, දේහ ලාලිත්‍යය තිබුණි. අද ඔහු නෙත් මානයේ එම සුන්දරත්වය නොමැත.

කාගෙත් දුකට හූමිටිලන උල ලේනෝ හඩා යන්න
මගේ තනිය ලගට වරෙන් තුරුලුවෙලා නිදා ගන්න

උලලේන මූසලකම ගෙන එන බව ගැමියා විශ්වාස කරයි. එය අතිශය අමිහිරි හඩකි. ජීවිතය සම්පූර්ණයෙන්ම පරාජය වී ඇති බව සිතන කථකයා උලලේනාට දෙන නිර්වචනය අපූරුය. හූමිටි තැබීම යනු යමක් අනුමත කිරීමයි. ඒ අනුව තමා විදින දුක වෙනුවෙන් හඩන ලෙස උලලේනාගෙන් කථකයා ඉල්ලා සිටී. නැවත වතාවක් තම තුරුලට ඇරයුම් කරන්නේ තනිකමටයි. ගත විඩාපත් වී පැමිණි එදවස ගත නිවා ලන්නට ඇය ළග සිටියා ය. නමුත් අද ඇය නොමැතිව ජීවිතය කොතරම් පීඩාකාරී දුක්ඛිත එකක් ද යන්න මේ පදවලින් අපට කියා සිටී.

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනෙ ඉරිමාවක
මගේ සතුට පෑල දොරෙන් යන්න ගියේ හැන්දෑවක

උදෑසන පිපෙන ඉර සියලු දෙනාට උණුසුම ලබා දේ. හැන්දෑවට තමාට පමණක් උණුසුම දීමට තම සොදුරිය තමා ළග සිටියා ය. නමුත් ඒ සොදුරිය තමා හැර දා හොර රහසේම අතහැර ගියා ය. ඇය සමග ගියේ ඇය පමණක් නොව තම ජීවිතයේම සතුට ඇය සමග ගිය බව කථකයා කියා සිටී. ඒ අනුව කථකයාගේ ජීවිතයේ සතුට රැදී තිබුණෙ ඇය මතය. ඇය නොමැති ජීවිතයක ඔහුට සතුටක් නොමැත.

බොල් ඉපනැලි පුසුම ඉහේ පිපි සුසුම් මල්යායක
හිතේ දුකට දෑස හඩයි කදුලු හලා ගංගාවක

බලන්න මේ පද පෙළෙ අපූරුව. කථකයාගේ ජීවිතයම සුසුමක් බවට පත් ව ඇත. ඔහු සුසුම් ලනවා මිසක් වෙන කිසිවක් නොකරයි. බොල් ඉපනැල්ල හිස්බව මිසක් වෙනත් කිසිවක් අර්ථවත් නොකරයි. පුසුම යන වචනය යොදා ගැනීම නිසා මෙම පදමාලාවට ලැබෙන අව්‍යාජ බව මනරම් ය. ගැමියාගේ මුවින් පිටවන හැගීම ම අපට දනවන්නට එය සමත්ය. ජීවිතයම කුලක් වී ඇති බව අවසානයේ ඉතා සරලවම නමුත් අතිශය ප්‍රබල ලෙස රචකයා කියා ඇත.
ගැමි ජීවිතයට අප ගෙන යන්නට සමත් මේ පද මාලාවට එක් වන සංගීතය හා සුනිල් එදිරිසිංහයන්ගේ හඩ විරහව කොතරම් තීව්‍ර කරයි ද යන්න ගීතයට සවන්දෙන විට මනාව පසක් වේ.

Monday, February 20, 2012

සඳකැන් වැසිලා.........




ගණදුරු රෑ තනි කම නෑ
සොයා එන්න ගණදුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම ඇති එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා  සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු පෙනේ

මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස්තලයට පවරා

මිනිසුන්ගේ භාවමය ජිවිතයේ ඇති සංකීර්ණතාව දුරවබෝධීය ය. කිසිසේත් එය සුදු කළු රාමුතුලින් මැනිමට නොහැක. ලිංගික ජීවිතය හා එහි තෘප්තිය සොයා යෑම අතිශය මානුෂික සාධකයන්ගේ බලපෑමෙන් සිදු වන්නකි. ඒ බව සිත්හි තබා ගෙනම මෙම ගීතයේ කතන්දරය මගේ ඇසින් ලියමි.

ගීතයේ පළමු කොටසින් (අප සංගීතයේ මෙයට ස්ථායි කොටසයයි කීවා මතකය) අන්ත අපේක්ෂා භංගත්වය මිස අන්කිසිවක් නොකියයි. ඒ තුළින් මැවෙන එකම රූපය අදුර පමණි. ස සැමදා සෞම්‍ය පහස ගෙන ආවාය. එය ප්‍රේමනීය හැගීම් ජනිත කළාය. අද ඒ ස කැන් වැසී ගොස් අුර රජ කරයි. තම ලිංගික අධිරාජ්‍යයේ බිදවැටීම කොතරම් කම්පනක් මේ සැමියා තුළ ඇති කළේද යන්න කීමට මෙයම ප්‍රමාණවත්ය.

තම බිරිදගේ අන්සතු වීම දරා ගත නොහැකිව මුළු ජීවිතයෙන්ම පසු බැසිම අපේක්ෂා කරන මොහු තව තවත් අුරටම ඇරයුම් කරයි. ස සැගවුණු අහසේ තනිකම මකන තරු එළියද නිවා දමා ගණදුරට කරන මේ ආරාධනය ජීවිතයේ දරා ගත නොහැකි කම්පනයකින් පීඩා විදින එය උසුලා ගත නොහැකි වූවෙකුගේ ශෝකාලාපය අප දෙසවනට ඇසීමට සලස්වයි.

ඔහුට සිටියේ ඇය පමණි. ඇගේ ඇල්ම බැල්ම ඔහු අපේක්ෂා කළේය. ජීවිතය අරුත් ගැන්වූයේ ඇයයි. ඇය අද වෙනකෙකු වෙත ඇලී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සියල්ල මොහුට පෙනේ. මොහුට දැනෙයි.
එහෙත් ඔහු නිෂ්ක්‍රීය ය. 

සිදුවන සියල්ල දැක දැක නොදුටු සේ සිටින මේ හදවත මොහොතක් මොහොතක් පාසා මියමින් උපදී.
සෑම ලිංගිකත්වය මත පදනම් වූ සම්බන්ධයක් තුළම බලය මූලිකව පවතී. තම බිරිද හෝ සැමියාගේ ආදරය පමණක් නොව එය තමාටම පමණක් වන ආදරයක් විය යුතු බවට එදා සිට ගැහැණු පිරිමි අපේක්ෂා කළහ. පතිවත, පතිනිවත භාවිතයට එන්නේ එනිසාය. එය ආදරයට අනන්‍ය ආත්මාර්ථකාමීත්වය යි.ඒ අනුව සෑම ලිංගික සම්බන්ධයක් තුළම අධිරාජ්‍යයක් නිර්මාණය වේ. පිරිමියෙක් සාම්ප්‍රදායිකවම තම ලිංගික අධිරාජ්‍යයේ නොනැසුනු පැවැත්ම අපේක්ෂා කළේය. එය ඔහුට ආත්මාභිමානයක් ගෙන ආවේය. මේ කථකයා අත්විදින්නේ එය බිද වැටීමේ අතිදැවැන්ත පරාජය යි.

ගීතයේ දෙවැනි අන්තරා කොටස ආරම්භ වන්නේ නිහඩ ගැඹුරු මිනිසෙකුගේ ජීවන දෘෂ්ටිය අප ඉදිරියේ තබමිනි.
"මම කාගෙවත් හිත් බිදල නෑ. කාටවත් වරදක් කරල නෑ."
මෙලෙස ඔහු ආත්ම සන්තර්පණයකින් සැනසීමට අරඅදියි. මේ සිදුවන අහිමි වීම් හමුවේ සාමාන්‍යයෙන් සිදුවන්නේ සක්‍රීය විම වුවද ඔහු අක්‍රීය වේ. සාමාන්‍ය සමාජයේ ලේ වගුරුවා අවසන් වන මෙවන් ගැටළුවකදී කථකයා නිෂ්ක්‍රීය වීම හොදම ප්‍රතිඋත්තරය ලෙස දකියි. ඒ ඔහුගේ ජීවන දෘෂ්ටියේ පරිණත බව මිස අන් යමක් 
නොවේ. 

"දෑතම බැදගෙන ඉදිමි බලා"
ඔහු තවමත් ආදරය කරන බවත් ලිංගික ජීවිතයේ සෑබෑ ස්වභාවය හදුනන බවත් මේ අවසන් පද කිහිපය අපට කියා සිටියි. 

"මේ රහස් මට රටට ලෝකයට කියන්නට වුවමනා නැත. කියන්නටද නොහැකිය. අපි කවදා හෝ මේ ලොව වෙන්වෙනු ඇත. ගොළු අහස පමණක් මේ රහස් දැනගනු ඇත. "
අහස මේ රහස් දැනගන්නේ අන්ලෙසකින් නොව අහසට ද දරා ගත නොහැකි ලෙස කථකයා හෙළන සුසුම්වලිනි.

අවසන් පදවලින් කියන වෙන්වීම දික්කසාද වෙන්වීමක් නොවන බව මගේ හැගීමයි. එය මරණයෙන් වන වෙන්වීමයි. ඒ අනුව නිෂ්ක්‍රීය බවින් පිළිතුරු දී මරණයෙන් විඳවීම අවසන් කිරීමට කථකයා තීරණය කරයි. එසේම එම මරණය දිවි නසා ගැනීමක් වැනි පිළිතුරු දීමක් ද නොවේ. ඔහු තවදුරටත් මේ සම්බන්ධයේ රැඳීමට තීරණය කරයි.එසේ කරන්නේ දරුවන් නිසා විය හැකිය. සමාජ අපවාදයෙන් වැළකීමට විය හැකිය. නමුත් මා හට වඩාත්ම හැගෙන හේතුව නම් තවමත් ඔහු ආදරය කරන නිසා ය. 

ඔහුගේ නිෂ්ක්‍රිය පිළිතුර ගීතයට මා ඇද බැද ගත් ප්‍රධානතම කාරණයයි. සිතන්න.....ඔබට මට මෙතරම් පරිණත බවක් හෝ ඉවසීමක් තිබෙනවාද???